24.5 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි තුනක වාලම්පුරි සමඟ 03ක් අත්අඩංගුවට

කෝටි තුනක වාලම්පුරි සමඟ 03ක් අත්අඩංගුවට

කෝටි තුනකට අධික මුදලකට වාලම්පුරි අලෙවි කිරීමට උත්සහ කළ සැකකරුවන් තිදෙනෙක් මොණරාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 73,31,21 යන වයස්වල පසුවන දෙහිවල, සූරියවැව සහ පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සැකකරුවන් විසින් අලෙවි කිරීමට සූදානම් වූ වාලම්පුරි දෙකක් සහ මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර මෙම සැකකරුවන් ඒවා කෝටි තුනකට මිල නියම කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

පොලිසියට ලද තොරතුරක් අනුව එම වාලම්පුරි මිලදී ගන්නා බව පවසා මොණරාගල ප්‍රදේශයේ හෝටලයක් වෙත කැඳවාගෙන විත් එහිදී සූක්ෂම ලෙස වෙස්වලාගත් පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.