25.6 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරුවරු කොටසකට 5000 දීමනාව නෑ

ගුරුවරු කොටසකට 5000 දීමනාව නෑ

රාජ්‍ය සේවක වැටුපට එකතු කළ රුපියල් පන්දහසේ දීමනාව උතුරු මැද, නැගෙනහිර හා මධ්‍යම පළාත්වල බොහෝ ගුරුවරුන්ගේ මේ මස වැටුප් පතට ඇතුළත් වී නොතිබුණු බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් චෝදනා කරයි.

ගුරුවරුන්ගෙන් ලද පැමිණිලි මත, තමා බලධාරීන්ගෙන් මේ ගැන විමසුව බවත් රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කර නොතිබීම ඊට හේතු වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

මෙසේ වෙනස්කම් කරමින් ගුරුවරුන්ට සැලකීම මුළුමනින් ම අසාධාරණ බවත් මෙසේ ජනවාරි මස ගුරු වැටුපට රුපියල් පන්දහස ඇතැම් පළාත්වලදී ලබා නොදීමට තීරණයක් ගෙන ඇත්තේ වැටුප් ලේඛනද සකසා අවසන් කළ පසු බවත් ස්ටාලින් චෝදනා කරයි.