30 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජනප්‍රිය ගායන ශිල්පී මීට් ලෝෆ් ජීවිතක්ෂයට

ජනප්‍රිය ගායන ශිල්පී මීට් ලෝෆ් ජීවිතක්ෂයට

ඇමරිකාවේ ජනප්‍රිය ගායකයෙකු මෙන්ම රංගන ශිල්පියෙක් වන මීට් ලෝෆ් (Meat Loaf) ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියයන විට ඔහු 74 වැනි වියේ පසුවිය. ඔහුගේ වඩාත් ජනාදරයට පාත්‍රවූ ගීත ඇල්බමය වූයේ බැට් අවුට් ඔෆ් හෙල් ( Bat Out Of Hell) ඇල්බමයයි.

එය මෙතෙක් ඉතිහාසයේ වැඩි වශයෙන්ම අලෙවි වූ ගීත ඇල්බමයක් ලෙසටයි වාර්තා අතරට එක්වී ඇත.

ජනප්‍රිය ගායකයාගේ අභාවය පිළිබඳ ඔහුගේ පවුලේ සාමාජිකයන් ෆේස් බුක් සටහනක් තබමින් සනාථ කර තිබේ.

බිරිඳ සහ දියණියන් දෙදෙනා ඇතුලු පවුලේ සාමාජිකයන් රැසක් ගත වූ පැය 24 පුරාම ඔහු සමීපයේ සිට ඇතැයි සඳහන් වේ.

සුපිරි ගායන තරුව තම ගීත ඇතුලත් ඇල්බම් මිලියන 100ක් අලෙවි කර ඇති අතර ඉන් Bat Out of Hell හොඳම අලෙවියක් පැවති ගීත ඇල්බම් 10 අතර පවතී.

Fight Club, Focus, Rocky Horror Picture Show සහ Wayne’s World වැනි චිත්‍රපටවල ද ඔහු රංගනයෙන් දායක විය.