28.5 C
Colombo
Monday, April 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබොරැල්ල පල්ලියේ අත් බෝම්බය තිබ්බේ නොසිතූ අයෙක්

බොරැල්ල පල්ලියේ අත් බෝම්බය තිබ්බේ නොසිතූ අයෙක්

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට සහ නාරාහේන්පිට පෞද්ගලික රෝහලට තැබීම සඳහා විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාට බෝම්බ සැපයූ බව කියන පුද්ගලයා හම්බන්තොට රන්න ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම් මගින් අත්අඩංගුවට ගෙන ඇත.

හම්බන්තොට රන්න ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් කේ. ආර්. ප්‍රේමචන්ද්‍ර නොහොත් රුවන් නමැත්තා වරාය අධිකාරියේ සේවකයෙකු බවත් මොහු අපරාධ කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙක් බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් 55 හැවිරිදි සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පවතී.
කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මීට දින කීපයකට ඉහතදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ඒමෙන් අනතුරුව සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව රන්න ප්‍රදේශයට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ වසර අටක පමණ කාලයක් ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කළ ලියනගේ දයාසේන නම් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට මෙන්ම මීට මාස කිහිපයකට ඉහතදී නාරාහේන්පිට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලට බෝම්බ තැබුවේ විශ්‍රාමික වෛද්‍යවරයාගේ උපදෙස් මත බව අනාවරණය වී ඇත.

ඒ පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම විසින් වෛද්‍යවරයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වෛද්‍යවරයා විසින් ඒ බව පිළිගත් බවත් ඒ අනුව ඔහුට බෝම්බය ලබා දුන් පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැනුණු බවත් පොලිසිය අවධාරණය කරයි.