27.8 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුත්තයියා නැවත පිටිය දෙවනත් කරයි

මුත්තයියා නැවත පිටිය දෙවනත් කරයි

ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් Legends League ක්‍රිකට් තරගාලිය අද (21) ආරම්භ වුණා.

ඕමානයේ පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 8ට ආරම්භ වුණේ India Maharajas කණ්ඩායම හා Asia Lions කණ්ඩායම අතරයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ආසියානු ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබා ගනිමින්.

උපුල් තරංග පන්දු 46කින් ලකුණු 66ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

ඉන්දීය මහරාජාස් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

ඉනිමේ දෙවැනි කඩුල්ල ලකුණු 26දී බිද වැටුණේ එස්. බද්‍රිනාත් ලකුණු නොලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසු වීමෙන්.

නුවන් කුලසේකර යොමු කළ පන්දුවකට බද්‍රිනාත් පහරක් එල්ල කළ අතර, පන්දු රකිමින් සිටි මුත්තයියා මුරලිදරන් පන්දුව රැකගෙන කෙලින්ම කඩුල්ල වෙත යොමු කරමින් ඔහුව දුවද්දී දැවී යාමකට හසු කර ගැනීම විශේෂත්වයක්.
ඔහුගේ මෙම පන්දුව එල්ල කිරීම කෙළින්ම කඩුල්ලේ දැවටී දැවී යාම වාර්ථා වුනා.