30 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩිපුරම ණය ගත්තේ ගෝඨාභයගේ කාලයේදී

වැඩිපුරම ණය ගත්තේ ගෝඨාභයගේ කාලයේදී

වැඩිපුරම ණය ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සමයේදී බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ණය ගත්තේ නැතැයි ජනාධිපතිවරයා රාජාසන කතාවේදී කිව්වත් වැඩිපුරම ණය ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සමයේදී බවත් රටේ මුළු ණය ට්‍රිලියන 21ක් වන අතර එයින් ට්‍රිලියන අටක්ම ගෙන ඇත්තේ ගෝඨාභය සමයේදී බවත් එහිදී සඳහන් කළේය.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑම බවත් දැන් ජනතාවට කියන්න සිදුවී තිබෙන්නේ බත් දුන් පියා ෂී ජින් පියා යන කතාව යැයිද හෙතෙම එහිදී කියා සිටියේය.