30 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා - සිම්බාබ්වේ අවසාන තරගය අද පල්ලෙකැලේදී

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසාන තරගය අද පල්ලෙකැලේදී

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තුන්වැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය අද (21) සවස මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙතෙක් පැවති තරග දෙක, කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන තිබේ.

දෙරට අතර 2017 වසරේ පැවති එක්දින තරගාවලිය ද 2-1ක් ලෙස ජයගැනීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිම්බාබ්වේ පිතිකරුවෝ රිසි සේ පහරදුන් බැවින් අද තරගයේදී පන්දු යවන්නන්ගේ වෙනසක් සිදුකෙරෙතැයි අනුමාන කෙරේ.

ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ මහීෂ් තීක්ෂණ වෙනුවට අද පිට දඟ පන්දුයවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් කැඳවීමට ඉඩ ඇති බවය. සිම්බාබ්වේ කණ්ඩායමේ වෙනසක් සිදු නොකෙරෙතැයි අනුමාන කෙරේ.