31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශානි අබේසේකරගෙන් පෙත්සමක්

ශානි අබේසේකරගෙන් පෙත්සමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකරන තිබෙන නිර්දේශ බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු එම කොමිසමේ සාමාජිකයින්, ඇවන්ගාඩ් සමාගම, එම සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කාර ශානි අබේසේකර මහතා සඳහන් කර සිටින්නේ, තමන්ට දේශපාලන පළිගැනීම් සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිට ලෙස 2020 වසරේ ජූනි මස 16 වනදා නොතීසියක් ලැබුණු බවය.