28.9 C
Colombo
Tuesday, September 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසපුගස්කන්ද යළි දැවි තෙල් අර්බුදයක

සපුගස්කන්ද යළි දැවි තෙල් අර්බුදයක

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කැලණිතිස්ස බලාගාරයට ලබාදීම පොරොන්දු වූ ඩීසල් මෙට්‍රික් ටොන් දස දහසම මේ වනවිට ලබා දී තිබේ.

ඊයේ රාත්‍රිය වනවිට අදාළ ඉන්ධන තොගය බලාගාරය වෙත ලැබී ඇත. ඊයේ දහවල් වනවිට කැලණිතිස්ස විදුලි බලාගාර දෙකම ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට කටයුතු කෙරුණි.

දිනකට කැලණිතිස්ස බලාගාරයෙන් මෙගාවොට් 286ක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර ඒ සඳහා දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500ත් 1800ත් අතර ප්‍රමාණයක් වැය වේ.

ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවෙන් ලැබුණු ඩීසල් තොගය විදුලිය නිෂ්පාදනය සඳහා තවත් දින 08ක කාලයකට ප්‍රමාණවත් බව ඉංජිනේරුවන් පවසයි. නමුත් සපුගස්කන්ද විදුලි බලාගාරයද යළිත් දැවි තෙල් අර්බුදයකට මුහුණ පා සිටියි.

එහි දැවිතෙල් අද දිනය සඳහා ප්‍රමාණවත්ව පවතින අතර එමඟින් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙන ධාරිතාවය මෙගාවොට් 108ක්. මෙගාවොට් 300ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරුණු නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රියව පවතී.