30 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalසෝමාවතිය රක්ෂිතය වැනසූ පුද්ගලයින් නීතිය හමුවට

සෝමාවතිය රක්ෂිතය වැනසූ පුද්ගලයින් නීතිය හමුවට

සෝමාවතිය රක්ෂිත වනාන්තර කලාපයේ අනවසර වනාන්තර හෙළි කළ පුද්ගලයින් රැසකට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව නීතිපතිවරයා අද (21) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

සෝමාවතිය රක්ෂිත වනාන්තර කලාපය හෙළි කිරීම සහ ඒ ආශ්‍රිතව මාර්ගයක් ඉදි කිරීමට ගෙන තිබෙන තීරණවලට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණි.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර
එහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ සෝමාවතිය රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිතව මාර්ගයක් ඉදි කිරීමට ගෙන තිබෙන තීරණය අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි.

එමෙන්ම රක්ෂිත වනාන්තර කලාපය හෙළි පෙහෙළි කළ පුද්ගලයින් 200කට අධික පිරිසකට එරෙහිව මේ වනවිටත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් අනවසර පදිංචිකරුවන් 70 කට අධික පිරිසක් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.