27.9 C
Colombo
Saturday, May 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙටයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙටයි

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (22) පැවැත්වීමට නියමිතය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයින් 255,062ක්, දමිළ මාධ්‍ය අපේක්ෂකයින් 85,446 ඇතුළුව අපේක්ෂකයින් 340,508ක් මෙවර ශිෂ්‍යත්ව විභාගයට සහභාගි වන බව විභාග කොමසාරිස්වරයා පවසයි.

එම සිසුන් මෙවර විභාග මධ්‍යස්ථාන 2943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108කදී විභාගයට පෙනී සිටීමට නියමිතය. කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සහ නිරෝධායනයට ලක්ව සිටින දරුවන් සඳහා විශේෂ ක්‍රමවේද යටතේ විභාගය ලිවීමට පහසුකම් සලසා ඇත.

ඒ අනුව කලාපයකට එක් විශේෂිත මධ්‍යස්ථානයක් බැගින් දිවයින පුරා මධ්‍යස්ථාන 108ක් කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සිසුන් වෙනුවෙන් ස්ථාපනය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

වෛරසය ආසාදනය වී ඇති සිසුන්ට තමාට ළඟ ම විභාග මධ්‍යස්ථානය වෙත ගොස් පීසීආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර විශේෂ මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇත.