22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsT20 ලෝක කුසලානයේ කාලසටහන එළිදැක්වේ

T20 ලෝක කුසලානයේ කාලසටහන එළිදැක්වේ

ලබන ඔක්තෝබර් – නොවැම්බර් මාසවලදී ඔස්ට්‍රේයාවේදී පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන එළිදක්වා තිබේ.

පළමු වටයේ පළමු තරගයටම ශ්‍රී ලංකාව තරග කිරීම විශේෂත්වයක්. ඒ අනුව ඔක්තෝබර් 16 වැනිදා ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගය පැවැත්වීමට නියමිතය.

පළමු වටයේදී ශ්‍රී ලංකාව තරග 03කට සහභාගී වනු ඇති. දෙවන තරගය ඔක්තෝබර් 18 වනදාත් 03 වන තරගය ඔක්තෝබර් 20 වනදාත් පැවැත්වෙනු ඇති. පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 16 ක් සහභාගී වන අතර ඉන් කණ්ඩායම් 12 ක් දැනටමත් තෝරාගෙන අවසන්.

අනෙක් කණ්ඩායම් 04 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව තෝරා ගැනෙන අතර සුපිරි 12 වටයට කණ්ඩායම් 08 ක් දැනටමත් සුදුසුකම් ලබා අවසන්. ශ්‍රී ලංකාව – නැමීබියාව – ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් 04 සහ ශ්‍රේණිගත කිරීම්වලින් තෝරාගන්නා කණ්ඩායම් 04 සහභාගීවන පළමු වටයෙන් සුපිරි 12 වටයේ අනෙක් කණ්ඩායම් 04 තෝරා ගැනීමට නියමිතයි.