26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමගේ අම්මා කොරෝනා උදුර ගත්තා. දැන් මගේ තාත්තවත් මගෙන් උදුර ගන්න හදනවා...

මගේ අම්මා කොරෝනා උදුර ගත්තා. දැන් මගේ තාත්තවත් මගෙන් උදුර ගන්න හදනවා – ඕශල

බොරැල්ල දේවස්තානයක සහ නාරහෙන්පිට පෞද්ගලික රෝහලක බෝම්බ තැබීමේ සිදුවීමකට සැකපිට අත් අඩංගුවට පත් පිලියන්දල විශ්‍රාමික වෛද්‍යවරයගේ පුත් සමාජ ක්‍රියාකාරී ඔශල හේරත් මහතා විසින් සිය ෆේස්බුක් ගිනුමේ ලියා තැබූ තැබූ සංවේදී සටහන.

මගේ අම්මා කොරෝනා උදුර ගත්තා. දැන් මගේ තාත්තවත් මගෙන් උදුර ගන්න හදනවා… අවාසනාවන්ත ගොදුරක් බවට පත්ව ඉන්න අපේ පවුලට කවදාවත්ම නැති තරම් අසරණකමක් අද දැනේනවා… එත් දෙවියන් වහන්සේ අපිව ආරක්ෂා කරයි කියලා දැඩි විශ්වාසයක් තියෙනවා… මෙහෙම අකල් විපත් සිදුවන ලෝකයක උපදිමත් දැඩි කලකිරීමක්.. ඊයේ තෙක ඔහු දින තුනක් කෑමක් නොකා ගෙදරින් කෙනෙක් එනකම් බලා ඉදලා.. අනේ දෙවියනේ මගේ තාත්ති මගේ මෙහෙම උදුරා ගන්න එපා. මගේ පුතා මටත් වැඩිය ආදරේ සියට. අනේ දෙවියනේ තාත්ති අපිට අහිමි උනොත් මමත් අපේ පවුලත් ඇවිදින මළමිනී වේවි. අනේ දෙවියන්නේ ඔහු ගෙදර එන තෙක් ඔහුව ආරක්ෂා කර දෙන්න. තාත්තෙක් හැටිය දරුවන්ට ඇති අදාරය හරි, දරුවෙක් හැටියට තාත්තෙක්ට ආදරේ කරන හැම කෙනෙක් ගෙන්ම මම ඉල්ලනවා මගේ තාත්තා වෙනුවෙන් යාග්ඥ කරන්න කියලා.

කෙසේ නමුත් තවමත් නොවිසදුන ගැටලුවක් ව පවතින මෙම සිදුවිම සම්බ්න්දව සැකකාර වෛද්‍ය වරයා විසින් ලබා දුන්නා යයි මාද්‍ය ප්‍රචාරය කල කට උත්තරය සම්බන්දව ද සමාජ ජාල ක්‍රියාකරුවන් දැඩි ලෙස විවෙච්නය කරමින් කියා තිබුනේ එය සුරංගනා කතාවකට සමාන බවයි.