28 C
Colombo
Wednesday, May 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආහාර උද්ධමනයෙන් ලංකාවට 12 වැනි තැන

ආහාර උද්ධමනයෙන් ලංකාවට 12 වැනි තැන

ලොව ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව 12 වන ස්ථානයට පත්ව ඇති බව
ට්‍රේඩින් ඉකොනොමික්ස් වෙබ් අඩවියේ දත්ත වාර්තා කරයි.

වැඩිම ආහාර උද්ධමනයක් පවතින රට ලෙස වෙනිසියුලාව පවතින අතර
ලෙබනනය සහ සුරිනාම් එහි දෙවන සහ තුන්වන ස්ථානවල රැඳී සිටියි.

සිම්බාබ්වේ, ආජන්ටිනාව, තුර්කිය, ඉරානය, සිරියාව, ඉතියෝපියාව, ඇන්ගෝලාව සහ හයිටි රාජ්‍යය ශ්‍රී ලංකාවට වඩා ඉහළ ආහාර උද්ධමනයක් පවතින අනෙකුත් රටවල් ලෙස් එම දත්ත වාර්තා පෙනවා දෙයි.

දෙසැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ එළවළු, සහල් සහ අමුමිරිස් මිල ගණන් විශේෂයෙන් ඉහළ ගිය අතර ආහාර නොවන කාණ්ඩය තුළ ආපනශාලා සහ හෝටල්, මත්පැන් සහ බුලත් මිල ගණන් ඉහළ ගොස් තිබෙන බව එම දත්ත වාර්තා වැඩිදුරටත් අවධාරණය කරයි.