ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
චමරි අතපත්තු මේ තරගයේ වීරයා ලෙස තෝරා ගැනුණා. මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැති මේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 22කින් ජයග්‍රහණය කරන්නට සමත් වුණා.
මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 136ක් රැස්කර ගත්තා. නායක චමරි අතපත්තු පන්දු 28කින් ලකුණු 48ක් රැස්කර ගත් අතර එයට හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වී තිබුණා.