28 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජසින්ඩා ආර්ඩන් විවාහ මංගල්‍යය උත්සවය කල්දමයි

ජසින්ඩා ආර්ඩන් විවාහ මංගල්‍යය උත්සවය කල්දමයි

නවසීලන්තයේ ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදයේ ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා පනවන සීමාවලට අනුගත වෙමින් එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් සිය විවාහ මංගල්‍යය උත්සවය අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දිනපතා පැවත්වෙන කොවිඩ්-19 පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.

විවාහ මංගල්‍ය උත්සවයකින් අනතුරව නවසීලන්තයේ උතුරු සහ දකුණු දූපත් ආශ්‍රිතව ඔමික්‍රෝන් ආසාදිතයින් පොකුරක් හඳුනා ගැනීම හේතුවෙන් එරට රජය මෙලෙස නව සීමා පැනවීමට කටයුතු කර ඇති අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ මහජන ඒකරාශි වීම් සීමා කිරීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ඇය එහිදී ප්‍රකාශ කර ඇත.

ජසින්ඩා ආර්ඩන් සිය දීර්ඝ කාලීන සහකරු වන ක්ලාක් ගේෆෝර්ඩ් සමග විවාහ වීමට සැලසුම් කර තිබිණි.

“මෙම වසංගත තත්ත්වය හේතුවෙන් අනෙක් නවසීලන්ත ජාතිකයින් මෙන් මමද ඉදිරියේදී පැවත්වීමට සැලසුම් කර තිබූ මාගේ විවාහය මංගල්‍යය උත්සවය කල් දමනවා” යනුවෙන් ඇය පවසා තිබේ.

විවාහ මංගල උත්සවය කල් දැමීමට ඇය ගත් තීරණය පිළිබඳව තමන්ට හැඟෙන්නේ කෙසේ දැයි මාධ්‍යයවේදියෙකු ඇය ගෙන ප්‍රශ්න කර අවස්ථාවේ ඇය සඳහන් කර ඇත්තේ, “ජීවිතය එබඳුයි” යනුවෙනි.