― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනව පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් භාර ගැනීම අද සිට

නව පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් භාර ගැනීම අද සිට

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (24) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා සඳහන් කළේ ඊට අදාළ ගැසට් නිවේදනය අද දිනයේදී නිකුත් කරන බවයි. මේ වනවිට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 79ක් තිබෙන අතර නීතිමය ගැටලූ පවතින ලියාපදිංචි දේශපාලන පක්ෂ 06ක් අක්‍රීය දේශපාලන පක්ෂ ලෙස සැලකෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

පසුගිය වසරේ දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන ලද අයදුම්පත්‍ර අතරින් පක්ෂ 03ක් (තමිල් මක්කල් කුට්ටනි, නව ලංකා නිදහස් පක්ෂය සහ දමිල ප්‍රගතශීලී සන්ධානය) ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා තීරණය කළේය.