27.8 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලී රහිත ණය යෝජනා ක්‍රමයට විශ්වවිද්‍යාල වරම්

පොලී රහිත ණය යෝජනා ක්‍රමයට විශ්වවිද්‍යාල වරම්

රජයේ පොලී රහිත ණය යෝජනා ක්‍රමයට ඇතුළත් වී පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමිව තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව 2018, 2019 සහ 2020 වසරවලදී උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගැනීමට නොහැකි වු සිසුන්ට වෙනුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක වේ.

එම ණය යෝජනා ක්‍රමය “ස්කීල්ස් – හයි එඩියුකේෂන් එක්ශිබිෂන් ඇට්, කලුතර – 2022 ” නමින් හඳුන්වා තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය කරමින් ජනවාරි 28 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන පෙ.ව 9.30 – ප.ව 4.30 දක්වා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වේ.