28 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහරිත කෘෂිකර්මාන්ත වැඩසටහන රිවර්ස් කරන්නේ නෑ

හරිත කෘෂිකර්මාන්ත වැඩසටහන රිවර්ස් කරන්නේ නෑ

කුමන බාදා පැමිණියත් හරිත කෘෂිකර්මාන්ත වැඩසටහන ආපස්සට ගැනීමක් සිදු නොවන බවත් ගොවීන්ගේ ගැටලු සඳහා සාධනීය විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඊයේ (23) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“හරිත කෘෂිකර්මාන්තයට යාමට රජය තීරණය කළේ පසුගිය මහ කන්නයේදීයි. එහිදී අඩුපාඩු ගණනාවක් ඇති වුණා. නියම වේලාවට ගොවීන්ට පොහොර ටික ලබා දෙන්න අපිට බැරි වුණා. කොවිඩ් වසංගතයත් එක්ක නිලධාරීන්ට ගොවීන් දැනුවත් කිරීම හරි විදිහට කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. මේ අඩුපාඩුකම් නිසා ගොවීන් යම් අපහසුතාවකට පත්වුණු බව අපි පිළිගන්නවා. ඉදිරි යල කන්නයේදී සියලු අඩුපාඩු මඟහරවා ගනිමින් නියමිත වේලාවට ගොවීන්ට පොහොර ලබා දෙනවා. ගොවීන් අපහසුතාවට පත්නොවන ලෙස කටයුතු කරන්න ජනපති උපදෙස් ලබා දුන්නා.

මේ වතාවේ වී නිෂ්පාදනයේ බොල් වී ප්‍රමාණය අඩුයි. මේ කන්නයේදී ඒක ගොවියට හොඳයි. දිස්ත්‍රික්ක ලෙස ගත්තොත් වී නිෂ්පාදනයේ අඩුවීම එකිනෙකට වෙනස්. ගම්පහ දිස්ත්‍රික්කයේ නිෂ්පාදනයේ අඩුවීම 10%-15% අතර අගයක තිබෙන්නේ. කුරුණෑගල 20%ක් විතර. අනුරාධපුර 25%ක්. සමස්තයක් ලෙස 25%-30%ක අඩුවක් අපි දකිනවා. වී මිලදී ගන්නා මිලත් ගොවීන්ට ලබාදෙන වන්දිය ගැනත් අද (24) කැබිනට් රැස්වීමේදී තීන්දුවක් ගන්නවා. හාල් මෙටි්‍රක් ටොන් ලක්ෂ 10ක් ආනනය කරන්න රජය තීරණය කළා. මේ නිසා වී මිල පහත වැටෙයි කියලා යම් බියක් තිබෙනවා. ගොවියාට කිසිදු අසාධාරණයක් නොවන ලෙස සාධාරණ මිලකට වී මිලට ගන්න වී අලෙවි මණ්ඩලය පියවර ගන්නවා.”