29 C
Colombo
Friday, November 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් නැත්නම් දුම්රියත් නවතින ලකුණු

තෙල් නැත්නම් දුම්රියත් නවතින ලකුණු

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඉන්ධන දෛනිකව ලබා නොදුනහොත් දුම්රිය ධාවනයට ගැටලු මතුවිය හැකි බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

අද (25) මරදාන දුම්රිය සේවක සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉන්ධන ලීටර් ලක්ෂ 5ක 6ක පමණ සංචිතයක් තිබුනත් මේ වන විට එය ලක්ෂ තුන හමාර දක්වා අඩුවී ඇති බවත් නියමිත පරිදි දුම්රිය ධාවනය වන්නේ නම් දිනකට ඉන්ධන ලීටර් ලක්ෂයක පමණ ප්‍රමාණයක් වැයවන බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී විතානගේ සඳහන් කළේය.