28.4 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමාත්‍රා 3ම ගත්තෙ නැත්නම් සංගීත සංදර්ශනවලට යන්න බෑ

මාත්‍රා 3ම ගත්තෙ නැත්නම් සංගීත සංදර්ශනවලට යන්න බෑ

මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (24) 877ක් ලෙස සටහන් වූ අතර කොරෝනා මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 16ත්, 19ත් අතර පිරිසට කොරෝනා මර්දන දෙවන එන්නත ලබාදීම ඊයේ සිට ආරම්භ කෙරිණි. එන්නත්කරණ විශේෂඥ කමිටුවේ අනුමැතියට යටත්ව පළමු මාත්‍රාව ලබාගෙන මාස 3 ඉක්ම වූ වයස අවුරුදු 16ත්, 19ත් අතර සියලු දෙනාට ඒ අනුව දෙවන මාත්‍රාව ලබාගත හැකිය. අවශ්‍ය තරම් රට තුළ කොරෝනා මර්දන එන්නත් පවතින බව ඊයේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.
පූර්ණ එන්නත්කරණයට එනම් මාත්‍රා 3ම ලබා නොගත් අයට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශන සදහා සහභාගි වීමට ඉඩ ලබා නොදීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්ට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශනවලට සහභාගිවීමේ හැකියාවක් නොමැති බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය.