විදුලිබල මණ්ඩලයේ සිටින සමහර නිලධාරීන්, ආණ්ඩුව සෙල්ලමට ගෙන ඇති බවත් එය වළක්වන්න නම් විදුලිබල මණ්ඩලය පුනරුත්ථාපනය කළ යුතු බවත් ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බණ්ඩාරගම මෛත්‍රී නගර ශාලාවේදී පැවති වැඩසටහනට සහභාගි වෙමිනි.
“විදුලිබල මණ්ඩලයේ ඉන්න සමහර නිලධාරීන්, ඉංජිනේරුවන් ආණ්ඩුව සෙල්ලමට අරගෙන තියෙන්නේ. මේක දිගින් දිගටම ගියොත් විදුලි බල මණ්ඩලය ඉස්සෙල්ලාම පුනරුත්ථාපනය කරන්න වෙනව. ඒ වගේම ආණ්ඩුවට දැඩි ක්‍රියාමාර්ග ගන්නත් සිදුවෙනවා.
ඇත්තටම හංගන්න දෙයක් නෑ. තියෙන එකම ප්‍රශ්නය තමයි ඩොලර් ප්‍රශ්නය. විශේෂයෙන්ම ජනාධිපතිතුමාත්, ඇමැතිතුමාත් ප්‍රකාශ කරා විදුලිය කපන්න එපා විදුලියට අවශ්‍ය තෙල් ගන්න අවශ්‍ය ඩොලර් ප්‍රමාණය කොහෙන් හරි හොයල දෙනවා කියලා.
අපිට ඉතාම විශ්වාසයි මේ රටේ මුදල් ඇමැතිවරයා දෙයක් කිව්වොත් ඒක කරනවා. ඒ නිසා මම පැහැදිලිව කියනවා විදුලිය කපන්නේ නෑ කියලා.”