27.8 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි

අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි

පසුගිය නොවැම්බර් මාසයේ මෙරට අපනයන ඉපැයීම් ඉතිහාසයේ ඉහළම මාසික අපනයන අගය වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අඛණ්ඩව හයවන මාසයටත් එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කරයි. එසේම නොවැම්බර් මාසයේදී ආනයන වියදමද වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.

අපනයනය ඉහළ යෑම හමුවේ වෙළඳ භාණ්ඩ හිගය, 2020 වසරේ නොවැම්බර් මාසයේ පැවති අමෙරිකානු ඩොලර් මිලියන 600 ට සාපේක්ෂව 2021 වසරේ නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 553 ක් දක්වා අඩු වී ඇත.

පසුගිය මාසයට සාපේක්ෂව සංචාරක පැමිණීම්ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර නොවැම්බර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල අඩු වීමක් තවදුරටත් පෙන්නුම් කළ බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.