මහජනතාවට බලයක් අවශය ඇයි ? මාධ්‍යවේදියා අප යොමුකල පැනයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ලබා දුන් පිළිතුර
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා
මෙච්චර කාලයක් තිබුණු පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ ජනතාවගේ බලය අභ්‍යාස කරන්න බැරි වෙච්ච එක, එතකොට ජනතා පරමාධිපත්‍ය බලය කියලා අපි ගොඩක් වෙලාවට අවුරුදු හැත්තෑ ගානක් පුරුදු කරල තියෙන්නෙ ඡන්ද බලය.
නමුත් ඡන්දයේදී ඇත්තටම සිද්ධ වෙන්නේ ජනතාව තමන්ගේ බලය අත් හරින එක. විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයෝ අපිට උගන්වලා තියෙන නියෝජිත ප්රජාතන්ත්රවාද ක්‍රමය ඇතුලේ ජනතාවගෙන් පත්වෙන දේශපාලන පක්ෂවල නියෝජිතයෝ ජනතාව වෙනුවෙන් තීන්දු ගන්නවා.
අවුරුදු හැත්තෑවක් මාරුවෙන් මාරුවට බලයට පත්වෙච්ච විවිධ දේශපාලන පක්ෂ ආණ්ඩු ජනාධිපතිවරු ජනතාව වෙනුවෙන් තීන්දු ගන්නවා කියලා ජනතාවට එරෙහිව තීන්දු ගත්තු එක.
ආර්ථික පැත්තෙන් ගත්තත් සමාජීය පැත්තෙන් ගත්තත් මර්දනය ප්රජාතන්ත්රවාදය පැත්තෙන් ගත්ත ත් ජනතා දේපල විකිණීම පැත්තෙන් ගත්තත් අපිට පේනවා දවසෙන් දවස තත්වය වර්ධනය වෙලා තියෙන්නේ නරක අතට.
සමාජයේ සිංහල මුස්ලිම් දෙමළ ජනතාව එකිනෙකාට බේද බින්න කරලා ජනතාව ඇණකොටා ගන්න තත්වයට පත්කරලා තියෙනවා.
ජාතිවාදය වපුරලා තියෙනවා ආගම්වාදය වපුරලා තියෙනවා. අපිට පේනවා ජනතාවගේ බලය ගන්නවා කියලා තේරී පත් වෙච්ච නියෝජිතයෝ ජනතාවට එරෙහිව කටයුතු කරනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ බලය ජනතාවගේ අතේ තියාගන්න ක්‍රමයක් අවශ්‍යයි කියලා.
අවුරුදු පහකට සැරයක් කතිරය ගහලා බලය දෙනවා වෙනුවට අවුරුදු පහ පුරා කොහොමද ජනතාව බලය තමන් අතේ තියාගන්නේ, බලය අභ්‍යාස කරන්නේ කොහොමද කියන ක්‍රමවේදයකට යායුතුව තියනවා, මේ අවුරුදු 70ක දේශපාලනයෙන් පස්සේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි යෝජනා කරන්නේ ඒක. ජනතා බලයක් අවශ්‍ය වෙන්නේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගන්න. ආර්ථික වෙන්න පුළුවන් අනෙකුත් සමාජීය සියලුම දේවල් වෙන්න පුළුවන්. අධ්‍යාපන සෞඛ්‍ය මේ සෑම සියලු ක්ෂේත්රය ක ම ජනතාවගේ අයිතිවාසිකම් දිනාගන්න ජනතාවට බලයක් අවශ්‍යයි.
පහුගිය කාලයේ අපි ඒක දැක්කා. ගුරු අරගලයේ දී අපි ඒක දැක්කා. පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගත්තු කොතලාවල පනත ගෙනාපු වෙලාවේ සයිටම් අරගලය ඒ වෙලාවේදී අපි ඒ ක දැක්කා.
මේ සෑම සියලු වෙලාවකම අපි දැක්කා ජනතාව සංවිධානය වෙලා පාර්ලිමේන්තු තීන්දු තීරණ වලින් නෙමෙයි ජනතාව පාර්ලිමේන්තුවෙන් එළියේ සංවිධානය වෙලා පෙන්නපු බලයකින් තමයි යම් අයිතිවාසිකම් දිනා ගත්තේ.
අපි යෝජනා කරන්නේ ඉඳහිට කරන එවැනි අරගල වලින් එහාට ගිය ස්ථාවර බලයක් ජනතාව පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩනඟන්නේ කොහොමද, ඒක හරහා විතරයි ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න පුළුවන්.