26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalටික්ටොක් කිරි සමන්ගේ මුහුණුපොත අක්‍රීය කෙරේ

ටික්ටොක් කිරි සමන්ගේ මුහුණුපොත අක්‍රීය කෙරේ

අත්අඩංගුවට ලක්වූ ටික්ටොක් ‘කිරි සමන්’ ලෙස හඳුන්වන තරුණයා විසින් අපයෝජනයට ලක්කළ බව කියන 11 හැවිරිදි දැරිය ඇතුළු දැරියන් සිය ගණනකගේ ඡායාරූප පළ කර තිබූ ෆේස්බුක් පිටුවක් වහාම ක්‍රියාත්මක වන පරිදි අක්‍රීය කර තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත කළ දැනුම් දීමකට අනුව මෙම ෆේස්බුක් පිටුව අක්‍රීය කර ඇත.

ඊට අදාළ ෆේස්බුක් පිටුව පවත්වාගෙන යන පුද්ගලයාව කැඳවා ප්‍රකාශ ලබා ගෙන ඇති අතර ඡායාරූප ලබා ගැනීමට හා ඒවා සංස්කරණය කිරීමට යොදා ගත් කැමරා, පරිගණක ඇතුළු උපකරණද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය භාරයට ගෙන තිබේ.

ඔහු පිළිබඳ අද අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කිරීමට නියමිත බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. රාජගිරිය – කළපළුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු ‘කිරි සමන්’ නමින් ටික්-ටොක් මාධ්‍යය ජාලයේ පෙනී සිටි අයෙකි. එකොළොස් හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා ඔහු අත්අඩංගුවට ගැනිණි.

අදාළ දැරිය අවස්ථා කිහිපයකදීම නිවසින් රැගෙන ගොස් මත්ද්‍රව්‍ය ලබා දී ඇයව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා ගොනු වී ඇත.