32 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදකුණු කොරියාවේ රැකියා සඳහා දෙවන කණ්ඩායමත් පිටත්වෙයි

දකුණු කොරියාවේ රැකියා සඳහා දෙවන කණ්ඩායමත් පිටත්වෙයි

දකුණු කොරියාවේ රැකියා සදහා මේ වසරේ පිටත්වන දෙවන කණ්ඩායමේ ඊයේ රාත්‍රී (25) දිවයිනෙන් පිටත්ව ගිය අතර එම කණ්ඩායමට රැකියාලාභීහු 80 දෙනෙක් ඇතුලත් විය.

ප්‍රථම වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්වන 40 දෙනෙක් හා නිවාඩුවට ලංකාවට පැමිණ නැවත වරක් රැකියා සදහා පිටත්වන 40 දෙනෙක් ඊය ඇතුලත්ය.

දකුණු කොරියාවේ රැකියා සදහා 89 දෙනකුගෙන් සමන්විත පළමුවන කණ්ඩායම පසුගිය 04 බදාදා පිටත්ව ගියේය.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ මැදිහත්වීම හේතුවෙන්, මේවනවිට කොරියාවේ රැකියා සදහා ගිවිසුම් ලැබිම ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසය තුල පමණක් 169 දෙනකු දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව ගොස් ඇත.

2021 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා සදහා 1427 දෙනකු පිටවගොස් ඇත.