30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපාසල් සිසුවියකට වල් අලි ප්‍රහාරයක්

පාසල් සිසුවියකට වල් අලි ප්‍රහාරයක්

උදෑසන 6.30 පමණ තමුත්තේගම, තේක්කවත්ත ප්‍රදේශයේ පාසල්යාම සඳහා සූදානම්ව සිටි ගගනි නිමාෂා නැමැති 8 වසරෙහි ඉගෙනුම ලබන පාසල් සිසුවියක් වල් අලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

වනඅලියා සිසුවියව හොඬයෙන් ගෙන ඈතට විසිකර ඇති අතර, පසුව මිත්තණියගේ හා මවගේ කෑගැසීම හේතුවෙන් වනඅලියා එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

සිද්ධියෙන් එම දැරිය තුවාල ලබා ඇති අතර ගම්වාසීන් එක්ව දැරිය තඹුත්තේගම ප්‍රාදේශීය රෝහලට ගෙන ගොස් ඇති අතර, ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඇයව නිවසට රැගෙන ඇවිත් තිබෙනවා.

දියණිය වනඅලියාගේ ප්‍රහාරයට ලක්වන අවස්ථාව පිළිබඳ නිමාෂාගේ මිත්තණිය මෙලෙස අදහස් දැක්වීය.

“දුවලා කෑගහගෙන ආවා අම්මා දොර අරින්න එපා අලියා වත්තේ කියලා. අනේ එතකොට මෙන්න අලියා පස්සෙන් එළවාගෙන ආවා. කෙල්ලව විසිකෙරුවා හොඬෙන්. වැට අස්සට කෙල්ලව වැටුණා. අලියා මේ හරියට විතර ආපහු ඇවිත් ආපහු ගියා. අපි අලියා ළඟට ගියා මැරුණත් කමක් නෑ කියලා. ගිහින් කෙල්ලව වැට අස්සෙන් ඇදලා ගත්තා. මම දොර ඇරියා නම් අලියා මාව තමයි ඉස්සෙල්ලාම මරන්නේ. අපි මැරුණත් කමක් නෑ කෙල්ලව බේරගන්නයි ගියේ. අනේ අපි මැරුණත් කමක් නෑ කෙල්ල නම් ජීවත්වෙයි කියලා හිතුවේ නෑ දෙයියනේ. මට නම් මතක් වෙද්දි ඉන්න බෑ.”

සිද්ධියට මුහුණදුන් දැරිය ඒ පිළිබඳ මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

“ඉස්කෝලේ යන්න ගෙදර යන්න මම ආවේ. එක පාරටම අලියා ආවා මුහුණට මුහුණ. එකපාරටම හොඬවැලෙන් අල්ලාගෙන විහික්කා තණකොළ ගොල්ලට. ඊට පස්සේ මං නැඟිට්ට ද බලන්න ආපහු ආවා. ඇවිල්ලා දෙපාරක් පා ගන්න හැදුවා. අම්මා කෑ ගැහුවා හයියෙන්. අම්මා මාව භාගයක් ඇදලා ගත්තා කම්බි වැටෙන්. අම්මා හයියෙන් කෑ ගැහුවහම තවපාරක් නැන්දලාගේ වත්තෙන් ගියා.”

පසුව,ගලේයාය වනජීවී නිලධාරීන් පැමිණ වන අලියා ගල්විහාර රක්ෂිතය වෙත පළවා හැරීමට කටයුතු කර තිබෙනවා.