26.1 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමී උණ වැඩි වෙයි - මැරෙන ප්‍රමාණයත් ඉහළට

මී උණ වැඩි වෙයි – මැරෙන ප්‍රමාණයත් ඉහළට

පසුගිය වසරේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 476 වාර්තා වී ඇති අතර, එයින් මියගිය සංඛ්‍යාව 6 කි.

මේ වනවිට මී උණ රෝගීන් සැලකිය යුතු අයුරින් වර්ධනයක් පෙන්නුම් කරන අතර මියයන සංඛ්‍යාව ද වැඩි වී ඇති බව පැවසේ.

මී උණ රෝගීන් වැඩි වීමට හේතුව වී ඇත්තේ, රෝගය මුල් අවස්ථාවේ නොසලකා හැරීම හා රෝහල්ගත වී නිසි ප්‍රතිකාර ලබා නොගැනීම බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥ අමිල එරංග චන්ද්‍රසිරි මහතා පවසයි.

මේ වනවිට මී උණ රෝගීන් කුඹුරු ආශිතව පමණක් නොව නාගරික ප්‍රදේශයන්ගෙන් ද වාර්තාවන බව ඒ මහතා වැඩි දුරටත් පවසයි.