28 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ මුද්‍රණාලයේ, කඩදාසිවලට මොකද වෙන්නේ?

රජයේ මුද්‍රණාලයේ, කඩදාසිවලට මොකද වෙන්නේ?

රජයේ මුද්‍රණාලයේ ඉවතලන කඩදාසි විකිණීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාව සම්බන්ධයෙන් සෙවීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පියවර ගෙන තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක , ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද(25) පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් දිනකට ටොන් 2500ක් පමණ කඩදාසි කපා ඉවත් කරන අතර මෙම කඩදාසි විකිණීමේදී සිදු වූ අක්‍රමිකතාවයක් පිළිබඳව මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණනයක් සිදු වී තිබෙනවා.

දෙමටගොඩ පොලීසිය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය වෙන වෙනම පරීක්ෂණ සිදුකරන අතර වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී කියා සිටියා.