25 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරවීගේ බැදුම්කර නඩුවේ සාක්ෂි විමසීම අප්‍රේල් 27 වැනිදා

රවීගේ බැදුම්කර නඩුවේ සාක්ෂි විමසීම අප්‍රේල් 27 වැනිදා

2016 මාර්තු මස 31 වැනිදා පැවති මහබැංකු බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15කට අදාළ බැදුම්කර වංචාව කළ බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය අප්‍රේල් 27 වැනිදා ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (26) නියෝග කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබු අධිචෝදනා 22 අතරින් 11කින් විත්තිකරුවන් නිදහස් කිරීමට පසුගිය දෙසැම්බර් 06 වැනිදා ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට ප්‍රතිශෝධණ අයදුම්ගොනු කර ඇති බව එහිදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

මෙම නඩු විභාගය සදහා අද දින නියම නොකරන ලෙසත් වෙනත් දිනයක නඩුව කැදවා දින නියම කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවන ඉල්ලා සිටියේඅය.