28 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිය අනතුරකින් වෛද්‍ය සිසුන් 07ක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් වෛද්‍ය සිසුන් 07ක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් වෛද්‍ය සිසුන් 7 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම අනතුර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාගපූර් සහ තුල්ජපූර් අධිවේගී මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරින් මියගිය වෛද්‍ය සිසුන් අතර භාරතීය ජනතා පක්ෂයේ මහාරාෂ්ට්‍ර ව්‍යස්ථාදායක සභාවේ මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයාද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන් විභාගයකට මුහුණදීමෙන් අනතුරුව මෙලෙස ඔවුන් සුඛෝපභෝගී ජීප් රථයකින් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්ව ඇත.