28.1 C
Colombo
Thursday, May 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsව්ලැඩිමීර් පූටින්ට ඇමරිකාවෙන් අනතුරු අගවයි

ව්ලැඩිමීර් පූටින්ට ඇමරිකාවෙන් අනතුරු අගවයි

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කළ හොත් ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ට එරෙහිව පුද්ගලික සම්බාධක පැනවීමට සිදුවන බවට අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අනතුරු අගවයි.

බටහිර රටවල් ගණනාවක් විසින් රුසියාවට දැඩි අනතුරු ඇගවීම් නිකුත් කර ඇති අවස්ථාවක අමෙරිකා ජනාධිපතිවරයා විසින් සිදුකළ මෙම ප්‍රකාශය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේන දේශසීමාව ආසන්නයට රුසියානු සෙබලුන් 100,000කට වැඩි පිරිසක් කැඳවීම හරහා යුක්රේනය ආක්‍රමණයට රුසියාව සූදානම් වන බවට චෝදනා එල්ල වී තිබේ.

එනමුත් රුසියාව එම ප්‍රකාශ බැහැර කර ඇත. අමෙරිකාව ඇතුලු බටහිර රටවල් කිහිපයක් විසින් මෙම ගැටලුව උග්‍ර කරමින් සිටින බවටද රුසියාව චෝදනා කරයි.