ලකුණු කළ මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන ව්‍යාපාරිකයන් සොයා දිවයින පුරා වැටලීම් සිදු කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.
මේ වන විට වෙළඳපළ වැටලීම් හා විමර්ශන ආරම්භ කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය නිවේදනය කරයි.
ඒ අනුව පසුගිය දින කිහිපය තුළ කොළඹ, කලුතර, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මොණරාගල, අනුරාධපුර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වැඩි මිලට සිමෙන්ති අලෙවි කළ ව්‍යාපාරික ආයතන 56ක වටලා තිබේ.
එමෙන්ම සිමෙන්ති අලෙවි කිරීම ප්‍රතික්ෂේප කිරීම, තම සන්තකයෙහි තබාගෙන නොමැති බවට ප්‍රකාශ කිරීම, කොන්දේසි සහිතව අලෙවිය හා තොග සඟවා තබා ගැනීම නොකළ යුතු බවට පාරිභෝගික අධිකාරී පනතෙහි සටහන්ව ඇත.
තම සන්තකයෙහි නොමැති බව ප්‍රකාශ කිරීම සහ තොග සඟවා තබා ගැනීම යන වැරදි කරනු ලබන වෙළඳුන් සතු සිමෙන්ති තොග තහනමට ගැනීමටත්, එම තොග අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත රාජසන්තක කිරීමටත් පාරිභෝගික අධිකාරියට බලතල පවතී.
ඒ අනුව මෙම නීතිය උල්ලංඝනය කරනු ලබන අලෙවිකරුවන්ට එරෙහිව 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත ප්‍රකාරව කටයුතු කරන බව පාරිභෝගික සේවා අධිකාරිය දැනුම්දෙයි.