27.8 C
Colombo
Thursday, May 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිගණනයෙන් බේරෙන්න කෝටි 02ක් විසි කළ ගෑස් ලොක්කා කවුද?

විගණනයෙන් බේරෙන්න කෝටි 02ක් විසි කළ ගෑස් ලොක්කා කවුද?

ලිට්‍රෝ ගෑස් සමාගමේ කටයුතු රජයේ විගණකාධිපතිවරයාගේ විගණනයට ලක් නොකිරීමට අදාළව නීතිමය පියවර ගැනීම සඳහා ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපතිවරයකු රුපියල් දෙකෝටි දසලක්ෂයක මුදලක් නීති උපදේශක සමාගමකට වැය කර ඇති බවට
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් කරුණු අනාවරණ කර තිබේ.

කෝප් කමිටුව විසින් සිදු කළ විගණනයකදී මේ බව අනාවරණය වී ඇත.

ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපතිවරයා ඒ කාලයේදී මාසයකට රුපියල් ලක්ෂ විස්සක වැටුප් හා දීමනා ලබා ගත් බවත් පසුව ඔහු අස්කර දැමූ බවත් විගණන සේවයේ උසස් නිලධාරියෙක් පවසයි.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිංහල හා දෙමළ පරිවර්තනයේ ඇති වචනයක් අල්ලාගෙන ලිට්‍රෝ සමාගම රජයේ විගණනයට ලක්කළ නොහැකි බව කියමින් ඊට නෛතික බලතල ලබාගැනීම සඳහා මෙලෙස රුපියල් 21,000,000ක මුදලක් නීති උපදේශක සමාගමකට ලබාදී ඇත.