විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝ එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ.
ඔහු ඒ බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙන අතර පෙබරවාරි 01 වැනිදා සිට තමන් එම තනතුරෙන් ඉවත් වන බව එම ලිපියෙන් දක්වා තිබේ.
එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝ අවස්ථා ගණනාවකදී විදුලිබල මණ්ඩල සභාපතිවරයා ලෙස කටයුතු කළේය. අමරිකානු සමාගමක් සමඟ යුගදනවි විදුලිබලාගාරයේ රජය සතු කොටස් පවරාදීමට ගිවිසුම් අත්සන් කිරීමත් සමග ඔහු පිළිබදව දැඩි කතාබහකට ලක් විය.