සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු හෙට (27) දිනයේ සිට යළි ආරම්භ කිරීමට කලින් තීරණය කර තිබුනත්, බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ එහි කටයුතු තවත් ප්‍රමාද වන බව ය.
ඒ අනුව, බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩි.ආර්. වොල්ගා මහත්මිය පැවසුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙ මෙහෙයුම් කටයුතු ජනවාරි මස30 වනදා වනවිට යළි ආරම්භ කිරීමට් හැකි වෙනු ඇති බව ය.
මෙයට හේතු වී ඇත්තේ, බොරතෙල් සහිත නෞකාව දිවයිනට ළඟාවීම ප්‍රමාද වීම බවයි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංකාවට දිගුකාලීනව බොරතෙල් සැපයීම වෙනුවෙන් ගිවිසුම් ගතව සිටින සිංගප්පුරු සමාගමට අයත් නෞකාව පසුගිය 24 වනදා මෙරටට ළඟාවීමට නියමිතව තිබුණි.
අදාළ නෞකාව අද (26) දිනයේ කොළඹ වරායට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.
බොරතෙල් මිලදී ගැනීමට අදාළ ණයවර ලිපි විවෘත කිරීම, විනිමය ගෙවීම් ඇතුළු සියලු අවශ්‍යතාවන් මේ වන විට සාර්ථකව සම්පුර්ණ කර ඇති බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේය.