29 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහාද්දක් කළ හරියක්

හාද්දක් කළ හරියක්

ප්‍රකට බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටි ට එරෙහිව එල්ල කර තිබු ‘අසභ්‍ය ලෙස හැසිරීම’ සම්බන්ධ චෝදනාවෙන් ඇයව නිදහස් කිරීමට ඉන්දීය අධිකරණයක් නියෝග කර තිබේ.

2007 වසරේදී අමෙරිකානු නළුවෙක් වන රිචර්ඩ් ගිය, ඒඩ්ස් ගැන දැනුවත් කිරීමේ වැඩසටහනකදී වේදිකාව මතදී ශේට්ටි ව සිප ගෙන තිබුණි.

රිචර්ඩ් පවසා තිබුණේ සිප ගැනීමෙන් ඒඩ්ස් නොසෑදෙන බව පෙන්වීම සඳහා තමා ශිල්පා ශේට්ටිව සිප ගත් බව ය. තමා එම සිදුවීම සම්බන්ධයෙන් කනගාටු වනබව පසුව ඔහු පැවසී ය.

එම සිද්ධියෙන් අනතුරුව හින්දු දැඩි මතධාරීන් විරෝධතා පැවැත්වූ අතර ඔවුන් එම සිදුවීම හඳුන්වූයේ ඉන්දීය ආචාරධර්මවලට කළ අපහාසයක් ලෙස ය.

ප්‍රසිද්ධියේ සිප ගැනීම තහනම් දෙයක් ලෙස සමහර ඉන්දියානුවෝ සලකති.

එම සිද්ධියෙන් අනතුරුව ඉන්දීය පොලීසිය අමෙරිකානු නළුවාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත්කළ අතර එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දැමී ය.

ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ “ලාභ ප්‍රසිද්ධියක්” බලාපොරොත්තුවෙන් එම නඩුව ගොනුකර ඇති බව ය.

නමුත් ශෙට්ටිට එරෙහි නඩුව වසර 15ක් පුරා ඇදී ගිය අතර අවසානයේදී මුම්බායි අධිකරණය විසින් ඇයව නිදහස්කර තිබේ.