35 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅමාත්‍යවරයාගේ සේවකයාට ගුටි පූජාවක්

අමාත්‍යවරයාගේ සේවකයාට ගුටි පූජාවක්

ඉකුත් 25 වනදා රාත්‍රියේ රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික සහකාර ලේකම්වරයෙකුට සුපිරි
වෙළඳසැලකදි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

එලෙස පහරකෑමට ලක්ව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ පුද්ගලික සහකාර ලේකම්වරයෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකි.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේ ය,

ඉකුත් 25 වනදා රාත්‍රියේ අලුත්ගම, දර්ගා නගරයේ සුපිරි වෙළෙඳසැළකට මුඛ ආවරණ නොමැතිව පුද්ගලයින් දෙදෙනෙක් ඇතුළුවී තිබේ.

සුපිරි වෙළෙඳසැළේ සේවිකාවන් ඔවුන්ට මුඛ ආවරණ පළඳින ලෙසට උපදෙස් දී ඇති අතර එහිදී එම පුද්ගලයින් දෙදෙනා සේවිකාවන්ට බැනවදිමින් හැසිරී ඇත.

ඒ අවස්ථාවේ අදාළ ලේකම්වරයාද එම ස්ථානයේ සිට ඇති අතර ඔහු සේවිකාවන් වෙනුවෙන් පෙනී සිට තිබේ.

එහිදී උරණ වූ එම පුද්ගලයින් දෙදෙනා අදාළ නිලධාරියා දෙසට පැමිණ පහරදීමක් සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක් මත අලුත්ගම, සීනවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි පියවර ගන්නා බවය.