22.8 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅර්ධ වශයෙන් භාවිතා කරන ලද ගෑස් ආපසු භාර දීම ගැන නිවේදනය

අර්ධ වශයෙන් භාවිතා කරන ලද ගෑස් ආපසු භාර දීම ගැන නිවේදනය

පාරිභෝගිකයන් විසින් භාවිතා කරන ලද ගෑස් අවසන් නොවූ දෝෂ සහිත බවට සැක සහිත ගෑස් සිලින්ඩර ආපසු භාරදීමට කැමති පාරිභෝගිකයන්ට ගෑස් සැපයුම් සමාගම් වෙත ගෑස් සිලින්ඩර නැවත භාර දිමට හැකි බව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර ඇත

ඒ අනුව ගෑස් සිලින්ඩර වල ඉතිරි ගෑස් ප්‍රමාණය වත්මන් වෙළඳපළ මිළට අනුව මිළ දී ගැනීමට නියමිතය

මෙහිදී නව ගෑස් සිලින්ඩර මිළ දී ගැනීමේදී පැරණි ගෑස් සිලින්ඩරයේ වටිනාකම අඩු කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය අදාළ සමාගම් වලට දැනුම් දී ඇත

යම් ආකාරයකින් ගෑස් සිලින්ඩර ආපසු භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස ද දන්වා ඇත