28 C
Colombo
Monday, September 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅර්බුදවලට අමාත්‍යවරුන්ගෙන් ලැබුණ යෝජනා

අර්බුදවලට අමාත්‍යවරුන්ගෙන් ලැබුණ යෝජනා

රට මුහුණ දී ඇති බරපතල අර්බුද පිළිබඳ සත්‍ය තොරතුරු ජනතාවට ඉදිරිපත් කළයුතු බව ප්‍රධාන කරගත් සාකච්ඡාවක් පෙරේදා (25) ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදි පැවැත්විණි.

එහිදි, රට මුහුණ දී ඇති බරපතල අර්බුදවලින් ගොඩගැනීම උදෙසා යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයින් තීරණය කර තිබෙනවා.

මෙහිදි විදුලි අර්බුද, යුගදනව් ගිවිසුම, පොහොර අර්බුද සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙන අතර අදාළ යෝජනාව කඩිනමින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට බාර දීමටත් පසුව එය ජනතාවට ප්‍රසිද්ධ කිරීමටත් තීරණය කර තිබෙනවා.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් හා අනෙකුත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් හා නියෝජිතයින් එක් වුණා.