ජාත්‍යන්තරයේ මෙවැනි ස්ථානවල සිදුකළ සංවර්ධනයන් පිළිබඳ අධ්‍යනය කිරීමෙන් අනතුරුව මීතොටමුල්ල කසළකන්ද පැවති ස්ථානය එම ප්‍රදේශයේ ජනතාවට ප්‍රයෝජනයක් ගතහැකි ආකාරයට සංවර්ධනය කිරීමට නියමිතව ඇත.
ඒ අනුව එම ප්‍රදේශය සියලු යටිතල පහසුම් සහිතව නාගරික උද්‍යානයක් දක්වා සංවර්ධනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ තීරණය කර ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ එම සංවර්ධන කටයුතු සිදුකෙරේ.