28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් ලංකාවට භූ කම්පන මධ්‍යස්ථාන 03ක්

චීනයෙන් ලංකාවට භූ කම්පන මධ්‍යස්ථාන 03ක්

ශ්‍රී ලංකාවට භූ කම්පන මධ්‍යස්ථාන 07ක ආවරණය ඉදිරියේ දී ලැබෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මහජන චීනය නව මධ්‍යස්ථාන 03ක් නොමිලයේ ලබා දීමට එකඟත්වය පළ කර තිබේ.

“දැනට අපේ රටේ භූ කම්පන මධ්‍යස්ථාන හතරක් තිබෙනවා. පල්ලේකැළේ, බුද්ධංගල, මහකනදරාව හා හක්මන යන ප්‍රදේශවල ඒවා පිහිටා තිබෙනවා. භූකම්පන තවමත් අපිට අලුත් අත්දැකීමක්. මහජන චීනය අපිට ප්‍රතිඥා දී තිබෙනවා තවත් අංග සම්පූර්ණ මධ්‍යස්ථාන 03ක් ලබා දෙන්න. ඉන් එකක් අපි බස්නාහිර හා වයඹ පලාත් මායිමේ ස්ථාපිත කරනවා. මහජන චීනය මගින් ලබා දීමට පොරොන්දු වී ඇති භූ කම්පන මධ්‍යස්ථාන 03ම අපිට ලැබෙන්නේ පරිත්‍යාගයක් වශයෙනුයි. ඒ සඳහා අපි හතපහක්වක් ගෙවිය යුතු නැහැ. එමනිසා අපිට ඉදිරි කාලය තුළ භූ කම්පන මධ්‍යස්ථාන 07ක ආවරණය ලැබෙනවා.”