28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalනින්ද ගිය රියදුරු නිසා සිදු වූ අනතුර

නින්ද ගිය රියදුරු නිසා සිදු වූ අනතුර

රියදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය සැකපළ කරන රිය අනතුරක් සි.සි.ටි.වී කැමරාවක සටහන් වී තිබෙන අතර,අම්බලන්ගොඩ, ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ කරන්දෙණිය කැරුව මංසන්ධියේ දී මෙම බිහිසුණු රිය අනතුර සිදුව තිබෙනවා.

මාර්ගයේ වම් පසින් ධාවනය වු මෝටර් රථයක් එම මාර්ගයේ ම වම් පසින් ඉදිරියට වන්නට නවතා තිබු ත්‍රිරෝද රථයක ගැටී අනතුරට ලක්වේ.

අනතුරින් නවතා තිබු ත්‍රිරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෝටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ ත්‍රිරෝද රථය නවතා තිබු නිවසෙහි ඉදිරිපස බිත්තිය ද සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.