31 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලංකාව ගැන දුක්වෙන හොලිවුඩ් නළුවා

ලංකාව ගැන දුක්වෙන හොලිවුඩ් නළුවා

ජනාදරයට පත් වූ හොලිවුඩ් නළු, ලියෝනාර්ඩෝ ඩිකැප්‍රියෝ විසින් ශ්‍රී ලංකාවේ වනඅලි මුහුණදී ඇති අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මධ්‍යයේ පළවූ වාර්තාවක් ට්විටර් පණිවුඩයක් ලෙස පළ කර තිබේ.

එම ලිපියෙන් දැක්වෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ප්‍රදේශයේ වගුරු බිමක් පිරවීම සිදුකරන බවත් එම ස්ථානයට වනඅලි නිතර පැමිණෙන බවත්, එහිදී එම ස්ථානයේ ගොඩගැසී ඇති ප්ලාස්ටික් ආහාරයට ගැනීමෙන් වනඅලි දෙදෙනෙක් පසුගිය සතියේ මියගොස් ඇති බව එම වාර්තාවේ දැක්වෙයි.

එම වාර්තාවේ දැක්වෙන්න පල්ලක්කාඩු ප්‍රදේශයේ බැහැර කළ කසළ ආහාරයට ගැනීම හේතුවෙන් පසුගිය වසර 08 තුළ වනඅලියන් 20ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

පරිසරවේදීන් සහ පශු වෛද්‍යවරුන් පවසන්නේ මියගොස් සිටි සතුන්ගේ සිරුරු තුළ නොදිරන ප්ලාස්ටික් විශාල වශයෙන් හමුවී ඇති බවය.

එසේම අසල පිහිටි අශ්රොෆ් නගර් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම ස්ථානයේ කසළ ආහාරයට ගැනීමට පැමිණෙන සද්ධන්තයින් තම ගමට නිතර පැමිණෙන බවත් එම සතුන්ගෙන් ආරක්ෂාවීම සඳහා තමන් විසින්ම පෞද්ගලික විදුලි වැටවල් නිවාස වටා සවිකරගෙන ඇති බවත් ය.