31 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදුලි කප්පාදුව ගැන විශේෂ තීරණයක්?

විදුලි කප්පාදුව ගැන විශේෂ තීරණයක්?

විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා අවසර ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (27) තීරණය කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

අද දහවල් සිය කොමිසම රැස්වී රට තුළ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදුකිරීමෙන් අනතුරුව විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් පවතීද යන්න පිළිබඳව තීරණය කරන බව එහි සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේය.

පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් පසුගිය 25 වැනිදා සිදු කළ සමාලෝචනයෙන් අනතුරුව අද දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කර තිබුණි.

පවතින ඉන්ධන තොග සහ විදුලි උත්පාදනය කළ හැකි ප්‍රමාණය මෙන්ම විදුලි ඉල්ලුම ද සලකා බැලීමෙන් අනතුරුව විදුලි කප්පාදු යෝජනාව පිළිබදව අද දිනයේ යළි සමාලෝචනයක් සිදුකිරීමට නියමිතව තිබේ. කෙසේවෙතත් නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය මේ වන විට අක්‍රීය වී ඇති අතර මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 162ක විදුලි ධාරිතාවක් අහිමිවුණි.

පවතින තත්ත්වයන් හමුවේ ඉදිරි දින තුන තුළද අඛණ්ඩව විදුලිය සැපයීමට උපරිම උත්සාහයක් දරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.