26 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසෑම ආයතනයකටම ඩෙංගු කමිටුවක්

සෑම ආයතනයකටම ඩෙංගු කමිටුවක්

සෑම ආයතනයක් තුළම ඩෙංගු මර්දන ක්‍රියාකාරි කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බවත් එම කමිටුව පත් කිරීම ආයතනයේ ප්‍රධානියා විසින් කළ යුතු බව දක්වමින් රජය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

ඒ අනුව සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන, පෞද්ගලික ආයතන, පාසල්, ආගමික ස්ථාන ඇතුළු පොදු ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝ වීම වැළැක්වීම සඳහා ස්වකීය ආයතනික යන්ත්‍රණය මෙහෙය වීමට අදාළ වගකීම් දැරීමට සුදුසු ක්‍රියාකාරි පුද්ගලයකු ආයතන ප්‍රධානියා විසින් නම් කළ යුතුය.

එම පුද්ගලයා ද ඇතුළත්ව ආයතනය තුළ ඩෙංගු මදුරුවන් බෝ වීමට හැකි අවදානම් ස්ථාන හඳුනා ගැනීම, ඒවා ඉවත් කිරීම හා පසුවිපරම් කිරීම සම්බන්ධයෙන් සක්‍රීයව දායක විය හැකි පුද්ගලයන්ගෙන් සමන්විත ආයතනික කමිටුවක් ස්ථාපිත කළ යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.

ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් අවම වශයෙන් සතිපතා ක්‍රියාත්මක විය යුතු වෙයි. අදාළ උපදෙස් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත දිය යුතු බවත් එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වන වාර්තාවක් ආයතනය මඟින් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත මාසිකව දීමට කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.