27 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋසස් පෙළ සති 20කින් කල් දමන්නැයි රිට් පෙත්සමක්

උසස් පෙළ සති 20කින් කල් දමන්නැයි රිට් පෙත්සමක්

අපොස උසස් පෙළ විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කර තිබෙන කාලසටහන ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ සුනිල්.ජේ. නවරත්න නම්කර තිබේ.

2021 අපොස උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි මස 07 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර පෙත්සම්කරු කියා සිටින්නේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට පුරා පාසල් සැලකිය යුතු කාලයක් වසා දැමීම සිසූන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල පාඩුවක් සිදුවූ බවය.

එම නිසා අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට පෙර සිසුන්ට සති 20ක කාලයක් ලබා දිය යුතු බවට ජාතික අධ්‍යාපන ආයතනය මඟින්ද රජය වෙත නිර්දේශය කර තිබුණද එම නිර්දේශය අධ්‍යාපන අමාත්‍යාංශය සහ අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රතික්ෂේප කර ඇති බව නාගානන්ද කොඩිතුවක්කු චෝදනා කරයි.

උසස් පෙළ විභාගය පැවැත්වීමට පෙර සිසුන්ට සති 20ක කාලයක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කළ ලෙසත් ඔහු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.