35 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකුලීරථ සඳහා මීටර් අනිවාර්යයි

කුලීරථ සඳහා මීටර් අනිවාර්යයි

මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ එස්.එන් අකුරන්තිලක මහතා ප්‍රකාශ කළේ කුලී ත්‍රිරෝද රථ සඳහා මනු සවි කිරීමේ වැඩපිළිවෙල පෙබරවාරි මස පළමු වනදා සිට ආරම්භ කරන බවයි.

ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේ කූලී රථ මනු ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම හෝ විකිණීමට පෙර වෙළෙඳ කටයුතු සඳහා භාවිතයට සුදුසු බව පරීක්ෂා කරන ලද මාදිලි අනුමැතිය දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතු බවය.

මාදිලි අනුමැතිය ලබාගත් වෙළෙඳ ආයතනවලට පමණක් කුලී රථවල මනු විකිණීමටත් සවිකිරීමටත් අවසර ලැබෙන අතර එසේ නොවන ආයතන වෙතින් කූලී රථ මනු ලබා නොගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කූලී රථ මනු පරික්ෂා කිරීම සඳහා ජංගම කුලී රථ මනු සේවා මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගන්නා බව ය.

එසේම අනුමත කූලී රථ මනු සඳහා හදුනාගැනීමේ ස්ටිකරයක් ඇලවීමටත් පියවර ගන්නා බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

එම දිනයන්වලට සහභාගී විය නොහැකි කුලී රථ රියදුරන්ට මාර්තු මාසයේ මුල සිට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සඳුදා දින පැවැත්වෙන මහජන දිනයන්හි මෙම සේවාව අඛණ්ඩව ලබාගත හැකිවනු ඇති.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ජංගම සේවා මධ්‍යස්ථාන පිහිටුවා ඇති ස්ථාන සහ එම සේවය ක්‍රියාත්මක වන දින හා අනුමත කුලී රථ මාදිලි පහතින් දැක්වේ.