27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ්වලින් පස්සේ දියවැඩියාව හැදෙනවද?

කොවිඩ්වලින් පස්සේ දියවැඩියාව හැදෙනවද?

කොවිඩ් රෝගය වැලඳුණු පුද්ගලයන්ට මාස තුනත් හයත් අතර කාලයක් යන විට දියවැඩියා රෝගය ඉස්මතු වීමේ වැඩි අවදානමක් ඇති බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පවසයි.

කොවිඩ් රෝගය වැළඳුණු පුද්ගලයින් මාස හයකට පමණ පසු ඔවුන්ගේ රුධිරයේ සීනි පරිමාව පරික්ෂා කර ගැනීම යහපත් බවත් මීට පෙර දියවැඩියා අවදානමක් නොතිබුණු, පවුලේ කිසිවකුටත් දියවැඩියාව නොමැති, වයසින් අඩු පුද්ගලයින් පවා මෙලෙස අලුතෙන් දියවැඩියා රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවක් ලෝකයේ දක්නට ලැබෙන බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.