30.6 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන් හමුදා රෝහලට මුල්ගල තැබේ

ගුවන් හමුදා රෝහලට මුල්ගල තැබේ

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) නාරාහේන්පිට – කිරිමණ්ඩල මාවතේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සම්පූර්ණ අනුදැනුම සහ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදිවන නව ගුවන් හමුදා රෝහලට මුල්ගල තැබීම සිදුවිය.

මෙලෙස ඉදිවෙන නව රෝහල රජයේ අනුග්‍රහය ද ඇතිව ගුවන්හමුදාවේ වෛද්‍ය පහසුකම් පුළුල් කිරීම අරමුණිනඅ ඉදිවෙයි.මෙම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ද එක් වුණා.

සේවයේ නියුතු ගුවන් හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලැබෙන අතර, බොහෝ දුරට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු හිටපු හමුදා සාමාජිකයින් සහ මියගිය රණවිරුවන්ගේ සාමාජිකයින්ට ද එම පහසුකම ලබා ගැනීමට අවස්ථාවක් මින් සැලසෙනවා.

මෙම රෝහල ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ විෂය පථය යටතේ අදියර දෙකක් යටතේ මහල් 12කින් ඉදිකිරීමට නියමිතයි.

පළමු අදියර යටතේ වාට්ටු, ශල්‍යාගාර, රසායනාගාර, බාහිර රෝගී අංශය සඳහා ක්‍රියාකාරී සායනික ප්‍රදේශ (ඔපිඩී) සහ රෝගීන් පරීක්ෂා කරන ඒකකවලින් සමන්විත වන පළමු අදියර යටතේ මූලික පස් මහල් සංකීර්ණයක් ඉදිරි වසර තුන ඇතුළත නිම කෙරෙනවා.